කොකේන් බොන කැබිනට් ඇමතිලා ඉන්නවා-රංජන්

කොකේන් බොන කැබිනට් ඇමතිලා ඉන්නවා-රංජන්

February 12, 2019   07:09 pm

දේශපාලඥයින් නිරන්තරයෙන් මධූෂ් සමඟ සම්බන්ධකම් පවත්වන බව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි.

ඊයේ(11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රංජන් රාමනායක මහතා කියා සිටියේ, කලාකරුවන්,ව්‍යවසායකයන්, ක්‍රීඩකයින් රැසක් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවයි.

අද වන විට කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන කැබිනට් අමාත්‍යවරු ද සිටින බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ඒ අනුව ඩුබායිවල සිටින ඔත්තුකරුවෙකු දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින් රංජන් රාමනායක මහතා මෙහිදී මධූෂ් සමඟ අත්අඩංගුවට පත් වු අය පිළිබඳ කරුණු විමසා සිටියේය.

මෙහිදී එම පුද්ගලයා කියා සිටියේ, මේ වෙද්දි ඩුබායි පොලීසියට බාර දී අවසන් බව ද පැවසීය. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අවසන් බවත්, පුද්ගලයින් 31 ක් ඩුබායි පොලීසියේ රැඳී සිටින බවයි.

ඔවුන් 31 දෙනාගේම ශරීරය තුළ මත්ද්‍රව්‍ය ඇති බවට මේ වන විට අනාවරණය වී ඇති බවත්, ඔවුන්ගේ මුත්‍රා සාම්පල පරීක්ෂණවලින් ඒ බව අනාවරණය වී ඇති බව ද එම පුද්ගලයා දුරකථනයෙන් පැවසීය.

තවමත් උසාවියට ඉදිරිපත් කර නොමැති අතර, ඩුබායි නීතිය අනුව එක් වරක් පමණක් මෙවැනි වරදකට හසු වු විට පොදු සමාවක් යටතේ රටින් පිටුවහල් කිරීමට හැකියාවක් ඇති බව ද එම පුද්ගලයා රාජ්‍ය අමාත්‍යවරයාට දුරකථනයෙන් පැවසීය.