අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව සිය පුහුණුකරු අත්හරි

අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව සිය පුහුණුකරු අත්හරි

February 12, 2019   12:37 pm

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා ජපානයේ නවෝමි ඔසාකා සිය පුහුණුකරු සස්චා බාචින් සමඟ පැවති ගිවිසුම අවලංගු කිරීමට තීරණය කර තිබේ.

ඇය මේ බව සිය ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේය.

මෙවර ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා අංශයේ ශූරතාව දිනා ගැනීමට ඔසාකා සමත් වු අතර පසුගිය වසරේ අමෙරිකා විවෘත ටෙනිස් ශූරතාව දිනාගත්තේ ද ඔසාකා විසින්.

ඒ අනුව පිට පිට ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා දෙකක් දිනා ගත් ඔසාකා ටෙනිස් ශ්‍රේණිගත කිරීම් වල අංක එකේ ස්ථානයට පත් විය.

නමුත් ඇය හදිසියේම සිය පුහුණුකරු ලෙස කටයුතු කළ සස්චා බාචින් ඉවත් කිරීමට තීරණය කළ බව ඇගේ ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

සස්චා බාචින් මීට පෙර සෙරීනා විලියම්ස් සහ කැරොලින් වොස්නියාකිගේ ද පුහුණුකරු ලෙස කටයුතු කළේය.

ලෝක ටෙනිස් සම්මේලනය විසින් 2018 වසරේ දී හොඳම පුහුණුකරු ලෙස ද සස්චා බාචින් නම් කර තිබේ.

කෙසේවෙතත් ඔසාකා සිය පුහුණුකරු ඉවත් කිරීමට හේතුව මෙතෙක් පැහැදිලිව ප්‍රකාශ කර නැත.