අවශ්‍ය වන්නේ ජනතාව ශක්තිමත් කරන ආණ්ඩුවක්

අවශ්‍ය වන්නේ ජනතාව ශක්තිමත් කරන ආණ්ඩුවක්

January 12, 2019   08:51 pm

රටේ ජනතාව ශක්තිමත් කරන ආණ්ඩුවක් පිහිටුවීම සිදු කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

නායකයින් ශක්තිමත් කරන ආණ්ඩුවක් අවශ්‍ය නොවන බවත් අවශ්‍ය වන්නේ ජනතාව ශක්තිමත් කරන ආණ්ඩුවක් බවත් ඔහු පැවසීය.

එක් එක් රටවල් වලට අවශ්‍ය පරිදි කිසිවෙකුටත් රට මෙහෙයවීමේ ඉඩකඩක් තැබීමේ හැකියාවක් නොමැති බවත් පැවසීය.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ හෝමාගම නියෝජිත සමුළුව අද පස්වරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ හා දේශපාලනඥයින් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

එසේම ජනතාවගේ ඉල්ලීම අනුව ඉදිරියේදී විපක්ෂයේ ජනපති අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කරන බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෝමාගම නියෝජිත සමුළුව අමතමින් අද පස්වරුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ බව අවධාරණය කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාද සමුළුව ඇමතීය.