සංචාරක කඳවුරකට පැමිණි ඉන්දීය ජාතිකයෙක් මිය යයි

සංචාරක කඳවුරකට පැමිණි ඉන්දීය ජාතිකයෙක් මිය යයි

January 12, 2019   07:07 pm

අම්බලන්තොට, උස්සන්ගොඩ සංචාරක කඳවුරට පැමිණි විදෙස් ජාතිකයෙකු මිය ගොස් තිබේ.

සංචාරක කඳවුර සඳහා පැමිණි ඉන්දීය ජාතිකයෙකු මෙලෙස මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

රටවල් 70 ක් නියෝජනය කරමින් හත්වන වරට මෙම සංචාරක කඳවුර සංවිධානය කර ඇත.

වැලි පටන්විල වෙරළේ වැටි සිටි මෙම විදේශීකයා ගිලන්රතයක් මගින් අම්බලන්තොට රෝහලට රැගෙන විත් ඇති අතර පසුව අනාවරණය වී ඇත්තේ එම විදේශිකයා මියගොස් ඇති බවයි .

අදාළ විදේශිකයා කුමන රටක අයෙකුද මෙන්ම මියයාමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර හුංගම පොලිසිය වැඩි දුර පරික්ෂ පවත්වයි.

පස්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා සිරුර හම්බන්තොට මහා රෝහලට රැගෙන ගොස් ඇත.

අදාළ සංචාරක කඳ වුර පසුගිය  09 වනදා සවස ආරම්බකෙරුණු අතර ඒ සදහා විදේශිකයින් 3000ක් සහබාගි වී තිබේ.