රනිල්-ෆොන්සේකා-පූජිත් අත්අඩංගුවට ගන්න ඉල්ලීමක්

රනිල්-ෆොන්සේකා-පූජිත් අත්අඩංගුවට ගන්න ඉල්ලීමක්

December 6, 2018   08:34 pm

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයට පොලිස්පතිවරයා, හිටපු අග්‍රාමාත්‍යවරයා සහ සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ බවට නාමල් කුමාර ඊයේ කළ ප්‍රකාශය මත ඔවුන්ව අත්අඩංගුවට ගත යුතු බව සිංහලේ ජාතික සංවිධානය පවසයි.

එහි නියෝජිතයන් අද ඊට අදාලව ජනාධිපති ලේකම් කාර්යාලයට සන්දේශයක්ද බාර දුන්නේය.

ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා ඊයේ(05) අම්පාරේ පැවති ජන හමුවකදී තවත් හෙළිදරව්වක් සිදුකළා.

ඒ අනූව ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් නාමල් කුමාර හෙළිදරව් කළ පුද්ගලයින් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිංහලේ ජාතික සංවිධානය අද දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයට සන්දේශයක් බාර දුන්නේය.

මේ අතර අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පෙරවරු 11ට පමණ පැමිණියේය.

අද දෙරණ වාර්තාකරු පැවසුවේ, ඔහු පැය 3ක පමණ කාලයක් එහිදී ප්‍රකාශ ලබා දී ඇති බවයි.