වියානා ගිවිසුම උල්ලංඝනය කළ බවට ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්ට ලිපියක්

වියානා ගිවිසුම උල්ලංඝනය කළ බවට ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්ට ලිපියක්

November 20, 2018   05:24 pm

වියානා ගිවිසුමේ ඇතුලත් එකඟතාවයන් උල්ලංඝනය කරමින් තමන් කටයුතු කරන බව දන්වා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩොරිස් මහතාට වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් ලිපියක් යොමු කර තිබේ.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්  ජේම්ස් ඩොරිස් මහතා තමන්ගේ සීමාවන් ඉක්මවා ගොස් ශ්‍රි ලංකාවේ අභන්තර කටයුතු සඳහා මැදිහත් වන බව එම ලිපියේ සඳහන් කර ඇත.

වියානා ගිවිසුම අනුව තනාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් ක්‍රියා කළ යුතු පිළිවෙත් තිබෙන බවත් එම ලිපියේන් දැනුම්වත් කර ඇත.

 වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ මෙම ලිපිය නිකුත් කරමින් පවසා ඇත්තේ වියානා ගිවිසුමේ උල්ලංගනය වන පරිදි ඉදිරියෙදි කටයුතු නොකරණ ලෙසත් ශ්‍රී ලංකාවේ අභ්‍යාන්තර කටයුතුවලට අනව්‍ය ඇඟිලි ගැසිම් සිදු නොකරණ බවත් ය.

ඔවුන් නිකුත් කළ ලිපිය පහතින් දැක්වේ.