ආපදාවක් නවත්වන්න දුන් අවසරය තවත් අපදාවකට අත වනයි

ආපදාවක් නවත්වන්න දුන් අවසරය තවත් අපදාවකට අත වනයි

November 20, 2018   04:07 pm

කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් සිදු වන අපදාව වැලැක්විමේ කොන්ත්‍රාත්තුව ලබාගත් කොන්ත්‍රාත්කරු කෙසෙල්ගමුඔයේ මැණික් ඉල්ලම් ගොඩ දැමිමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

කාසල්රි ජලාශයට බගවන්තලාවේ සිට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය නොර්වුඩ් ප්‍රදේශයෙන් පිටාර ගැලිම නිසා ගඟ පුළුල් කිරිමේ කොන්ත්‍රාත්තුව ලබාගත් කොන්ත්‍රාත්කරු විසින් ගඟේ මැණික් ඉල්ලම් ගොඩ දැමිමට ප්‍රමුඛතාවයක් දක්වන බව ප්‍රදේශවාසින් චෝදනා කරයි.

වැසි දිනවලදි නොර්වුඩ් ප්‍රදේශයෙන් කෙසෙල්ගමුඔය පිටාර ගැලිම නිසා ගඟ අසල පදිංචි පවුල් කිහිපයක් අපදාවට ලක් වන නිසා අපදා කළමණාකාරණ අමාත්‍යාංශය මගින් ගඟේ ජලය රිසි සේ ගලා යාම සඳහා කෙසෙල්ගමුඔය  ස්ථාන කිහිපයකින් පුළුල් කිරිම සඳහා රුපියල් ලක්ෂ 28ක ප්‍රතිපාදන වෙන් කර තිබුණි.

ගඟ පුළුල් කිරිමේ කටයුතු  රුපියල් ලක්ෂ 14 කට තලවකැලේ  ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවෙකු විසින් ලබා ගනිද්දි එම ගඟ පුළුල් කිරිමේදි කපා ඉවත් කරන පස් වල ඇති මැණික් ඉල්ලම් ගොඩ ගැනිම සඳහා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය මගින් ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂ 58 කට වෙන්දේසියකින් අවසර ලබා දි ඇත.

නොර්වුඩ් අයර්බි මන්සන්ධියේ ගග හරහා ඉදිකර තිබෙන විශාල පාලමට මිටර් 45 එපිටින් ගඟ පුළුල් කිරිමේ කටයුතු සිදු කරන ලෙස නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාලයේ විධායක ඉංජිනේරු කේ.ඩි.බි.ආර්.දේවප්‍රිය මහතා විසින් කොන්ත්‍රාත්කරුට උපදෙස් ලබා දි තිබියදිත් කොන්ත්‍රාත්කරු විසින් පාලම අසලටම පැමිණ බැකෝ යන්ත්‍රක් උපයෝගි කරගනිමින් මැණික් ඉල්ලම් ගොඩ දමන බව ප්‍රදේශවාසින් පවසයි.

පාලම අසල මැණික් ඉල්ලම් ගොඩ දැමිම හේතුවෙන් කෙසෙල්ගමුඔය හරහා ඉදි කර තිබෙන පාලම කඩා වැටිමේ අවධානමකට ලක් විය හැකි බව විධායක ඉංජිනේරුවරයාද පැවසන බව අද දෙරණ වාර්තාකරු පවසයි.

කෙසෙල්ගමුඔය පුළුල් කිරිමේ කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇති කොන්ත්‍රාත්කරු මැණික් ඉල්ලම් ගොඩ ගැනිම සදහා ජාතික මැණික් ස්වර්ණාභරණ අධිකාරියේ නිතියානුකුල අවසරය ලබාගෙන ඇති  මැණික් ව්‍යාපාරිකයා සමඟ එක් වි ගඟ මධ්‍යය හාරා මැණික් ඉල්ලම් ගොඩ දමන බව ප්‍රදේශවාසින් පවසයි.