මුහුණට මුහුණ සිපගත් අනතුරක්-CCTVදර්ශන සහිතයි

මුහුණට මුහුණ සිපගත් අනතුරක්-CCTVදර්ශන සහිතයි

November 20, 2018   02:38 pm

මහනුවර රිකිල්ලගස්කඩ මාර්ගයේ මාඔය පාලම මත බස් රථයක් අනතුරට ලක්වන ආකාරය අසල තිබු CCTV කැමරාවක සටහන් ව තිබුණි.

අනතුරට පත් බස් රථ මහනුවර සිට පදියපැලැල්ල දක්වාද අනෙක් බස් රථය පදියපැලැල්ල සිට මහනුවර දක්වාද ගමන් ගත් බස් රථයක් වන අතර අනතුරින් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුවී නැහැ.  

මෙම අවස්ථාවේ දී දෙවනුව පාරට දමන ලෙස පෙනෙන බස් රථය තුළ මගීන් 42 ක් පමණ සිට ඇති අතර, අනෙක් බස් රථය තුළ මගීන් 30 ක් පමණ සිට ඇති බව වාර්තා වෙයි. 

පිටුපසින් පැමිණෙන ලංගම බස් රථයට පෙර සිය ගමනාන්තයට යෑම සඳහා කලබලයෙන් ධාවනය වන මහනුවර සිට පදියපැලැල්ල දක්වා ධාවනය වන බස් රථය තිරිංග තද කල ද එම අවස්ථාවේ දී බස් රථය ඇඳී ගොස් ඉදිරියෙන් තිබු බස් රථයේ මුහුණට මුහුණ ගැටෙයි.

කෙසේ වෙතත් අනතුරින් බස් රථ දෙකටම හානි සිදුව ඇත.

අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ හඟුරක්කෙත පොලීසිය සිදු කරයි.