තවත් අනතුරු 2ක්-පුද්ගලයෙක් මරුට

තවත් අනතුරු 2ක්-පුද්ගලයෙක් මරුට

November 20, 2018   11:52 am

මහියංගන - මහනුවර ප්‍රධාන මාර්ගයේ අද(20) පෙරවරුවේ රිය අනතුරක් සිදුව තිබේ.

මහියංගන - මහනුවර ප්‍රධාන මාර්ගයේ හසලක පුදේශයේදී අද අලුයම 6 ට පමණ ට්‍රක් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරෙන් පුද්ගලයින් පස් දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඉන් ලොරි රථයේ රියදුරුගේ තත්ත්වය අසාධ්‍ය බව වාර්ථා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් හසලක පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

මේ අතර තිස්ස- මාතර ප්‍රධාන මාර්ගයේ රන්න බටඅත ප්‍රදේශයේ සිදුවූ රියඅනතුරකින් පුද්ගලයකු මිය ගොස් තිබේ.

ලොරි රථයක් යතුරැපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින්  මියගොස් ඇති යතුරැපැදිකරු හම්බන්තොට මහ අධිකරණයේ සේවයේ නියුතු අයෙක් බව වාර්තා වෙයි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු හුංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද අගුණකොලපැලැස්ස මහේස්‍ත්‍රාත් අධිකරණය වත ඉදිරිපත් කිරීමට නියමිතයි.