හිස ඔසවන තවත් වසංගතයක්

හිස ඔසවන තවත් වසංගතයක්

November 20, 2018   11:44 am

දියවැඩියා රෝගය අද වන විට වසංගතයක් බවට පත්ව ඇති බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කොළඹ ඊයේ(19) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.  

සමස්තයක් ලෙස ගත් විට දියවැඩියා රෝගය කොළඹ නගරය තුළ 5 න් එකකට ආසන්න වැඩිහිටියන් සංඛාවක් දියවැඩියා තත්ත්වයෙන් පෙළෙන බව ද වෛද්‍යවරයා මෙහිදී කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ ම මෙම තත්ත්වය පවතිනවා.

දියවැඩියාව ශරීරයේ තියෙන සියලුම ඉන්ද්‍රියන් ආක්‍රමණය කර ගන්නා බවත්, ඒ අතර ඇස්වලට මෙහි දැඩි බලපෑමක් ඇති බව ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

දියවැඩියා තත්ත්වය මැන බැලීම සඳහා ඇසේ තත්ත්වය හොඳ ද නරක ද කියන දේ මැන බැලීමක් සිදු කරන බව ද වෛද්‍යවරයා මෙහිදී කියා සිටියේය.

මේ හේතුව නිසා වැඩි වශයෙන් ඇස් පරීක්ෂා කරමින් ඇසේ සෞඛ්‍ය පිළිබඳ වඩාත් සැලකිලිමත් වීම දියවැඩියා රෝගීන් වැඩි වශයෙන් සිදු කළ යුතු බව ද වෛද්‍යවරයා මෙහිදී පැවසීය.