ජනපති ව්‍යවස්ථාණුකූලව කටයුතු කළ බව දයාසිරි කියයි
November 14, 2018 08:02 pm
රට අස්ථාවර නොකර ස්ථාවර වැඩපිළිවෙලකට අවශ්‍යය නියම තීරණය ජනාධිපතිතුමා ගන්නා බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
අමාත්‍යවරයා අද (14) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
“දේශපාලන බලය තිබෙන පැත්තට සමහර අය යනවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අප තීන්දුවක් ගන්නවා. දේශපාලන බල අරගලයක් හැදුනාම මේ තත්ත්වය ඇති වෙනවා. ජනාධිපතිතුමා ව්‍යවස්ථාණුකූලව කටයුතු කළා.
ව්‍යවස්ථවට, නීතියට පටහැනිව කටයුතු කරන්නේ නෑ. රටේ කිසිදු අරාජික තත්ත්වයක් නෑ. කතානායකතුමා කොහොමද මෙහෙම හැසිරෙන්නේ.මන්ත්‍රී විජිත හේරත් මහතා බාරදෙනවා කොළ කෑල්ලක්. ඇඟිලි සළකුණ තියන්න ඕන ඡදය ගැනීමට.
නමින් ඡන්දයක් ගත්තේ නෑ. ඡන්දය විමසා කතානායකතුමා නිවේදනයක් නිකුත් කළේ නෑ. අතුරු තහනමක් දුන්නාම දෙපැත්තටම බලපානවා. කතානායකතුමාට තිබුණා,නීතිපතිතුමාට ලියලා, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කියන්න තිබුණා යැයි ද අමාත්‍යවරයා පැවසීය.“