ප්‍රජාතන්ත්‍රවාදය අපි ඔප්පු කළා

ප්‍රජාතන්ත්‍රවාදය අපි ඔප්පු කළා

November 14, 2018   07:13 pm


ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝග සහ පාර්ලිමේන්තුවේ සිදු වු තත්ත්වයත් සමඟ පැහැදිලි වන්නේ මේ රටේ අර්බුදකාරී තත්ත්වයක් ඇති නොකර ගෞරවාන්විතව ආණ්ඩුව තම පාර්ශවයට ලබා දිය යුතු බව පෙන්නුම් කරනු ඇති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  රවුෆ් හකීම් මහතා පැවසීය.

අද (14) දිනයේදී පාර්ලිමේන්තුවෙදි කිසිදු  ආකාරයකින් සභා ගර්භය වෙතට නොයා සන්සුන් ලෙස හැසිරුණ බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ප්‍රජාතන්ත්‍රවාදි ලෙස ආණ්ඩුවක් පවත්වන්නේ කෙසේද යන්න පිලිබඳව තම පාර්ශවය විසින් ඔප්පුකළ බවද මන්ත්‍රිවරයා පැවසීය.
 
මෙම තත්ත්වය හඳුනාගනිමින් රට ආරාජික තත්ත්වයකට පත් නොකර සිටිමට දේශපාලන නායකයින් වග බලා ගත යුතු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.