ලෝකෙ කිසිම රටක මේ අලුත් ආණ්ඩුව පිළිගත්තේ නෑ

ලෝකෙ කිසිම රටක මේ අලුත් ආණ්ඩුව පිළිගත්තේ නෑ

November 14, 2018   05:18 pm

තමන් අමාත්‍යධූරය අතහැරියේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යුක්තිය වෙනුවෙන් බවත් ඒ මඟ යෑමට තවත් ශ්‍රීලනීප මැති ඇමතිවරු පිරිසක් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවැසීය. 

පාර්ලිමේන්තුවේ අද (14) පැවති මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.                  

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.   

විපක්ෂයේ අසුන් ගැනීමට තමන්ට හැකි වූයේ, ආණ්ඩුවෙන් හා ඇමතිකමෙන් ඉවත්වීම නිසා බවත් පැවසූ ඔහු ඒ සම්බන්ධයෙන් සතුටු වන බව ද පැවසීය. 

එදා තමන් ගත් තීන්දුවත් සමඟ 113 සෑදීමට නොහැකි වන විට පාර්ලිමේන්තුව විසුරුවීමට තීරණය කල බවත් පාර්ලිමේන්තුව විසුරුවා තිබියදීත් නැවත ඇමතිකම්වල දිවුරුම් දෙමින් ඉතාමත් නිර්ලජ්ජිත දේශපාලන ක්‍රියාවලියක නිරත වූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහු ප්‍රතික්ෂේප කළේ මෙම සිද්ධින් වන බවත් මේවා සදාචාරාත්මක විරෝධී දේවල් වන බවත් මේවා රටක සිදු නොවිය යුතු දේවල් වන බවත් ඔහු සඳහන් කළේය. 

ලොව කිසිදු රටක මෙම අලුත් ආණ්ඩුව පිළිගත් නොමැති බවත් කථානායකවරයා පාර්ලිමේන්තුවේ බහුතරය අයිති කණ්ඩායමට කියන කාරණාවේ සිටි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. 

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවත් සමඟ මේ නීතිවිරෝධී අගමැති ප්‍රමුඛ ආණ්ඩුව පලවා හැරීමට පුළුවන්කම ලැබුන බවත් මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ හැරවුම් ලක්ෂයක් වන බවත් ඔහු පැවසීය.

තමන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මුල් පියවර තැබුවා සේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් තමන් ඇතුළු පිරිසට එකතු වූ බවත් මේ අයුරින් ඉදිරියේදීත් තවත් කණ්ඩායමක් එකතුවීමට සූදානම් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.