පාර්ලිමේන්තුවේදී මහින්ද අගමැති ලෙස  පිළිගත්තා

පාර්ලිමේන්තුවේදී මහින්ද අගමැති ලෙස  පිළිගත්තා

November 14, 2018   04:36 pm

අද(14) උදෑසන රැස්වූ පාර්ලිමේන්තුවේදී ආග්‍රාමත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීමට සිදු වූ බව සභා නායක දිනෙෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඉන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් සභා නායකවරයා මෙම අදහස් පළ කළේය.

පාර්ලිමේන්තු සම්ප්‍රධායට අද සම්පූර්ණ උල්ලඝනය කරමින් කථානාකවරයා පාර්ලිමේන්තුව තුළ හැසිරුණු බව ඔහු සඳහන් කළේය.

 කථානායකවරයා සම්පූර්ණයෙන් පාර්ලිමේන්තු සම්ප්‍රධායට පයින් ගසමින් රට අරාජික කිරීම කථානායකවරයාලේ මූලික අරමුණ බව දිනෙෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.