පොලිස් මෙහෙයුමට හසු වූ තරුණයෝ

පොලිස් මෙහෙයුමට හසු වූ තරුණයෝ

November 14, 2018   03:54 pm

දඹුල්ල පොලිස් බල ප්‍රදේශ පැය තුනක සිදු කළ මෙහෙයුමකින් ඊයේ(13) දින රාත්‍රියේ මත්කුඩු උරමින් සිටි තරුණයන් අටදෙනෙකු හා බීමතින් රිය පැදවූ පුද්ගලයන් දෙදෙනෙකු සහ අධිකරණය මඟහරිමින් සිටි වරෙන්තුකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය පැවසීය.  

හෙරොයින් නැමැති විෂ මත්කුඩු උරමින් සිටි පුද්ගලයන් අට දෙනෙකු ස්ථාන තුනකදී මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කළේය. 

ඔවුන් සතුව තිබුණු හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 20ක් සහ 40ක් ආදී වශයෙන් සොයාගත් බව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා පැවසීය.      

මෙසේ අත්අඩංගුවට ගත් මත්කුඩු උරමින් සිටි තරුණයන් වයස අවුරුදු 18ත් 23ත් අතර වයස්වල පසුවන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

විවාහක හා අවිවාහක තත්වයේ පසුවන මෙම තරුණයන් පිළිබඳව ඥාතීන් දෙමව්පියන් සහ ප්‍රදේශයේ සිවිල් සංවිධාන හෝ අවධානය යොමු කොට මෙම තරුණයන් පුනුරුත්තාපනය කිරීමේ වැඩපිළිවෙළට යායුතු බව මූලස්ථාන පොලීස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(14) දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.  

දඹුල්ල මූලස්ථාන පොලීස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි දූෂණ මර්ධන අංශය, අපරාධ අංශය ආදී පොලීසියේ අංශ කීපයක් එක්ව පරීක්ෂණ පැවැත්වූහ.