කරූගේ ලිපිය ලැබුනු පසු ජනාධිපති ව්‍යවස්ථාවට අනුව කටයුතු කරයි

කරූගේ ලිපිය ලැබුනු පසු ජනාධිපති ව්‍යවස්ථාවට අනුව කටයුතු කරයි

November 14, 2018   03:42 pm

කථානායකවරයාගෙන් ලිපිය ලැබුනු පසු ජනාධිපති ව්‍යවස්ථාවට අනුව කටයුතු කරණු ඇති බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

මේ වන විට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

තවද ජනාධිපතිවරයා විසින් නව අග්‍රාමාත්‍යවරායෙකු  පත් කරමි ගැසට් නිවේදනයක් නිකුත්කරන තෙක් වත්මන් අග්‍රාමාත්‍යවරා සිය ධුරයේ වැඩකටයුතු සිදු කරණ බවද ඔහු එම අවස්ථාවේදි මාධ්‍ය වෙත අදහස් පල කළේය.