සහය දුන්න සැමට ජවිපෙ ස්තූතිය

සහය දුන්න සැමට ජවිපෙ ස්තූතිය

November 14, 2018   03:00 pm

පස්ස දොරෙන් ආණ්ඩු හදන කුමන්ත‍්‍රණය පරාජය කළ බවත් ඒ වෙනුවෙන් සහය දුන් සැමට ස්තූතිවන්තවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් තැබිම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ඓතිහාසික තීන්දුවක් බවද එ් මහතා පවසයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගත් ව්‍යවස්ථා විරෝධී තීරණවල බරපතළම එක තීන්දුව වන්නේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ තීරණය බවද ඔහු ප්‍රකාශ කළේය. 

එම ව්‍යවස්ථා විරෝධී විසුරුවා හැරීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ, සංවිධාන කිහිපයක් අධිකරණය හමුවට ගිය බවත් අධිකරණය කරුණු විමසා බලා තීන්දුවක් ලබා දුන් බවත් ගැසට් පත‍්‍රය තාවකාලිකව ලබන 07වෙනිදා දක්වා අත්හිටුවා දෙසැම්බර් මස 04, 05, 06 නඩුව විභාග කරන්න තීරණය කළ බවත්ය.