වඩිවෙල් සුරේෂුත් UNPටය

වඩිවෙල් සුරේෂුත් UNPටය

November 14, 2018   02:22 pm

වඩිවෙල් සුරේෂ් යන නව රජයේ රාජ්‍ය අමාත්‍යවරයා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

අද(14) පැවති පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ වසන්ත සේනානායක මහතා සහ වඩිවෙල් සුරේෂ් මහතා පසුගියදා ජනාධිපතිවරයාට සහය පලකරමින් නව රජයට එක්විය.

ඒ අනුව වඩිවෙල් සුරේෂ් මහතා වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කෙරුණේය.

අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය පිලිබඳ අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය වෙත අදහස් දැක්වමින් ඒ මහතා පැවසුවේ නව රජයේ අමාත්‍යධුර ගත්තද  තමන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් නොවුන බවයි.