ගෙදරට හොරෙන් ලංකාවට ආපු කතක් අතුරුදන්

ගෙදරට හොරෙන් ලංකාවට ආපු කතක් අතුරුදන්

November 13, 2018   04:53 pm

කොළඹ පිහිටි ඉරාක තානාපති කාර්යාලය මඟින් ඉරාක ජාතික ෂෆාක් ජෙසිම් හසන් නැමති කාන්තාව අතුරුදන්ව ඇති බව දැනුම් දී තිබේ.

විදෙස් ගමන් බලපත්‍ර අංක A3659801 දරණ ඇය, පසුගිය සැප්තැම්බර් මස 18 වන දින කටාර් එයාර්වේස් ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මෙම කාන්තාව ඉරාකයේ එම පවුලේ කිසිවෙකුටත් නොදන්වා මෙරටට පැමිණි ඇති බවත්, ඇය වකුගඩු රෝගයෙන් පෙලෙන කාන්තාවක් වන බවත්, ඇය මෙරටට පැමිඛ ඇති බවට ඇයගේ ගුවන් ටිකට්පත් මඟින් අනාවරණය වී ඇත.

මෙලෙස අතුරුදන්ව ඇති කාන්තාව පිළිබඳ යම් තොරතුරක් වෙතොත්, ශ්‍රී ලංකාවේ ඉරාක තානාපති කාර්යාලයට දැනුම් දෙන ලෙස ද පොලීසිය ඉල්ලීමක් කරයි.

දුරකථන අංක - 0112 69 66 00