නිදි පැදුරේම අවසන් ගමන් යයි

නිදි පැදුරේම අවසන් ගමන් යයි

November 8, 2018   10:52 pm

දිපාවලි උත්සවය සමරමින් මත්පැන් පානය කර නින්දට ගිය පුද්ගලයෙකු මිය ගොස් ඇති බව හැටන් පොලීසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ හැටන් දික්ඔය ඔටරි වතුයායේ පදිංචි සිවනේෂන් වේනුගෝපාල් නැමති 37 හැවිරිදි අයෙකි.

මිය ගිය පුද්ගලයාගේ නැගණිය විසින් තම සහෝදරයා අද(08) අළුයම අවදි නොවු නිසා ඒ පිළිබඳව තම පියාට දැනුම් දිමෙන් පසු අදාළ පියා ඒ සම්බන්ධයෙන් හැටන් පොලීසියට පැමිණිලි කර තිබේ.

පසුව හැටන් පොලිසියේ නිලධාරින් ඔහුගේ නිවසට ගොස් පරික්ෂා කිරීමේදි අදාළ පුද්ගලයා මිය ගොස් ඇති බවට තහවුරු වි ඇත.

මරණකරු විවහකයෙකු වන අතර ඔහු බිරිඳගෙන් වෙන් වි සිටින අයෙකු බව හැටන් පොලීසිය සඳහන් කළේය.‍

මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂනය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යයවරයා වෙත යොමු කරන බව හැටන් පොලීසිය පවසයි.