මාදුරු ඔයේ වතුර වැඩියි-සුළු ගංවතුර තත්ත්වයක්

මාදුරු ඔයේ වතුර වැඩියි-සුළු ගංවතුර තත්ත්වයක්

November 8, 2018   10:05 pm

මාදුරු ඔය ධාරා ප්‍රදේශයේ පිහිටි පදියතලාව ජල මිණුම් ස්ථානයේ ජල මට්ටම සුළු ගංවතුරක් දක්වා ඉහළ නැඟ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ජල මට්ටම අද(08) පස්වරු 7.00 වන විට මෙලෙස වර්ධනය වී ඇති අතර, තව දුරටත් ඉහළ නඟිමින් පවතින බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ හේතුවෙන් මාදුරු ඔය දෙපස පහත්බිම්වල වාසය කරන ජනතාවට ගංවතුර තත්ත්වයක් පිළිබඳ අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.