නලා නාද කළ UNP විරෝධය

නලා නාද කළ UNP විරෝධය

November 8, 2018   08:42 pm

පාර්ලිමේන්තුව වහා කැඳවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලෙස ආණ්ඩුවට බලකරමින් එක්සත් ජාතික පක්ෂය අද(08) විරෝධතාවක නිරත වුණි. 

ඒ කොළඹ නගරයේ නලා නාද කර රථ පෙළපාලියක් පවත්වමින්ය. 

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව එම ධුරයෙන් ඉවත් කිරීම ව්‍යවස්ථා විරෝධි ක්‍රියාවක් බව පවසමින් එක්සත් ජාතික පාක්ෂිකයින් අද දහවල් අරලියගහ මන්දිරය ඉදිරිපසින් රථ පෙලපාලියක් ආරම්භ කළේය.

රථ පෙළපාලියේ ආරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් පිටතට පැමිණ සිටි අයුරු දක්නට ලැබුණි. 

විරෝධතාවයේ නිරත පිරිස රථවාහනවල නලා නාද කරමින් අරලිය ගහ මන්දිරයේ සිට කොළඹ ටොරින්ටන් වටරවුම දක්වා පැමිණි අතර ඒ හේතුවෙන් ප්‍රදේශය අවට දැඩි රථවාහන තදබදයක් පැවතුණි. 

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරනු ලැබුවේය.