රාත්‍රී සමාජ ශාලාවක වෙඩි තැබීමෙන් පුද්ගලයින් 12ක් මරුට
සයුරෙන් එතෙර

රාත්‍රී සමාජ ශාලාවක වෙඩි තැබීමෙන් පුද්ගලයින් 12ක් මරුට

November 8, 2018   05:10 pm

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ රාත්‍රී සමාජ ශාලාවක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 12 ක් මිය ගොස් තිබේ.

තවුසන්ඩ් ඕක්ස්හි රාත්‍රී සමාජ ශාලාවක එම වෙඩි තැබීම සිදුව ඇති අතර තුවාල ලැබූ පිරිස අතර එරට පොලිස්  නිළධාරියෙකු ද වන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

රාත්‍රී  සමාජ ශාලාවට ඇතුලු වූ පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එම පුද්ගලයා පිළිබඳ නිශ්චිත තොරතුරක් අනාවරණය කර ගැනිමට නොහැකි වී ඇති බව වාර්තා වෙයි.

වෙඩි තැබූ පුද්ගලයා ද මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් කැලිෆෝනියා ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කර තිබේ.