නිත්තකේක්කුලම් වැව කැඩී යෑමෙන් ජනතාව පීඩාවට

නිත්තකේක්කුලම් වැව කැඩී යෑමෙන් ජනතාව පීඩාවට

November 8, 2018   04:43 pm

මුලතිව්,මුහුදුබඩපත්තුව,කුමුලමුනෙයි නැගෙනහිර ප්‍රදේශයට අයත් නිත්තකේක්කුලම වැව අද(08) උදැසන කැඩී යාමෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසති.

ප්‍රදේශ‍යේ ගොවි ජනතාව පැවසූවේ වැව කැඩීම හේතුවෙන් ප්‍රදේශයේ කුඹුරු ඉඩම් සියල්ල යටවි ඇති අතර වැස්ස වැඩි වුවහොත් ජල ගැලීම් හේතුවෙන් ගම්මාන යටවීමේ අවධානමක් මතුව ඇති බවයි.

වසර 35 කට පසුව මේ වර්ෂයේ ප්‍රතිසංස්කරණය කළ වැව මෙලෙස කැඩී ගොස් ඇති බවද ප්‍රදේශවාසීන් සඳහන් කළහ.

වැව් බැම්ම කැඩුණ ස්ථානය කඩිනමින් සකස් නොකළහොත් වැව සම්පූර්ණයෙන් සිදී ‍යනු ඇති අතර, වැවේ ජල ධාරිතාව අඩි 13 ක් වන බවද්‍ර ප්‍රදේශයේ ‍ගොවි ජනතාව පවසති.