කළු ජාතිකයාගේ මුදල් ජාවාරම
November 6, 2018 10:25 pm
ඉතා සූක්ෂම ලෙස ව්‍යාජ මුදල් මෙරට තුළ බෙදාහැර, මෙරට නීත්‍යානුකූල මුදල් විදෙස් රටවලට ගෙනයාමේ කූට ජාවාරමක් පසුගියදා නීතියේ රැහැනට හසු කර ගැනිණි.
අද උකුස්සා අනාවරණය කරන්නේ ඒ පිළිබඳවයි.
දුරකථන මාර්ගයෙන් හා අන්තර්ජාලය හරහා මෙරට සිටින පුද්ගලයින් සමඟ මිතුරු වී , විදේශිකයෙකු විසින් ගෙන යන ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සමඟ එක්ව උකුස්සා මෙහෙයුමක් ආරම්භ කළේය.
එහි පළමු පියවර ලෙස මෙම ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු සැපයූ පුද්ගලයා මාර්ගයෙන් අදාල විදේශිකයාව උකුස්සා දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගනු ලැබුවේ මෙලෙසින්.
ෆොන් කට් -
උකුස්සා - හෙලෝ
ජාවාරම්කාර විදේශිකයා - හෙලෝ , කොහොමද ?
උකුස්සා - හොඳින් , කොහොමද ඔයාට
ජාවාරම්කාර විදේශිකයා - මම ගොඩක් හොඳින්, මට දෙයක් කියන්න තියෙනවා ඔයාට
උකුස්සා - හොඳ අදහසක් අපි මුහුණට මුහුණ කතා කරමු.
ජාවාරම්කාර විදේශිකයා - ප්‍රශ්නයක් නෑ. ඔයා පිටපත් (මුදල් නෝට්ටු) තුනක් හතරක් ගේන්න
උකුස්සා - ඔයාට ඕනේ නියම පිටපත් (මුදල් නෝට්ටු) 04ක් නේ ?
ජාවාරම්කාර විදේශිකයා - ප්‍රශ්නයක් නෑ හෙට අපි කතාකරමු
ඒ අනුව ජාවාරම්කාර විදේශිකයා සමඟ ජාවාරම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසුව ඔහුව උකුස්සා විසින් පිලියන්දල පිහිටි නිවස වෙත සූක්ෂම ලෙස ගෙන්වා ගනු ලැබිය.
ඒ වන විටත් එම ස්ථානය වෙත මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාගේ උපදෙස් මත වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්යක්ෂ හේමාල් ප්‍රශාන්ත මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායමක් පැමිණ සිටියේ ජාවාරම්කාර විදේශිකයා නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහායි.
අනතුරුව ජාවාරම්කාර විදේශිකයා පැවසුවේ නීත්‍යනුකූල මුදල් නෝට්ටු ගෙන විශේෂ රසායනික ද්‍රව්‍යයක් භාවිතයෙන් ඒවායෙන් ඊට සමාන පිටපත් ගත හැකි ක්‍රමවේදයක් තමා සතුව පවතින බවයි.
එමගින් රුපියල් ලක්ෂ 50ක මුදලක් එමෙන් තුන්ගුණයකින් වැඩිකරගැනීමට හැකි බවත් ඔහු සඳහන් කළේය.
මේ එම අවස්ථාවේ ඇති වු සංවාදයයි
ජාවාරම්කා විදේශිකයා - මේවගේ ලොකු පෙට්ටියක් තියෙනවා. කෙමිකල් එකක් අරගෙන සල්ලි මිටිවලට දාපුවම හරි
උකුස්සා - මේ තියෙන්නේ සැබෑ මුදල්
ජාවාරම්කාර විදේශිකයා - හරි ප්‍රශ්නයක් නෑ, ඔයා තීරණය කරන්න
එහිදී ක්‍රියාත්මක වූ වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් ජාවාරම්කාර විදේශිකයා අත්අඩංගුවට ගනු ලැබුවේය.
අනතුරුව ජාවාරම්කාර විදේශිකයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වැදගත් තොරතුරු රැසක් අනාවරණ විය.
මෙහිදී සිදුකළ විමර්ශනයේදී අනාවරණ වුයේ මෙම ජාවාරම්කරු අප්‍රිකානූ රජ්‍යයක් වන මාලි රාජ්‍යයෙන් මෙරට පැමිණි පුද්ගයෙකු වන අතර මෙම ජාවාරමට පුද්ගලයින් රැසක් හසුවී ඇති බවයි.
කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජවාරම්කාර විදේශිකයා ලබන 08වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
පොලීසිය පැවසුවේ මෙම ජාවාරමට හසුවු පිරිස් සිටීනම් ළඟම ඇති පොලීසියට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙසයි.
ඉදිරියේදීත් මෙවැනි ජවාරම්කාර සිද්ධී රට හමුවේ අනාවරණ කිරීමට අද දෙරණ උකුස්සා සීරුවෙන්.