පොල් හොරු

November 6, 2018   04:57 pm

පුත්තලම දිස්ත්‍රික්කයේ පොල් වගාවට දඬු ලේනන් සහ වදුරන්  සිදුකරන හානි හේතුවෙන් වසරකට පොල් ගෙඩි ලක්ෂයකට වැඩි ප්‍රමානයක් විනාශ වි යන  බව පොල් වගා කරුවන් කියයි.

ඔවුන් පවසන්නේ තම ඉඩම් වල නිරන්තරයෙන් සැරි සරණ දඩු ලේනන් හා වදුරන් පොල් ගස් වලට නැගි පොල් මල් කපා දමා පොල් බැට්ටයේ සිට වර්ධනය වු ගෙඩි සපා කමින් සිදු කරන හානිය නිසා පොල් අස්වැන්න නොසිතු ලෙස පහත වැටෙමින් පවතින බවයි. 


 මේ පිළිබදව අදහස් දක්වමින් එක්වු පොල් වගා කරුවකු වන ආර්.එම් කරුණාරත්න මහතා පැවසුවේ පොල් වගාව වෙනුවෙන් බොහෝ මහන්සි වෙන බවත් එය ආරක්ෂා කර ගන්නටත් වෙහෙසිය යුතු බවයි . 

ඒ සඳහා විශාල මුදලක් වැය වන බවද ඔහු පැවසුවේය.

පොල් වගාවට විශාල හානියක් වි තිබුනේ මයිටා රෝගය බවත් එය ක්‍රමයෙන් මර්ධනය වෙමින් තිබේන නමුත් එම රෝගය නිසාද පොල් වගාවට විශාල හනියක් සිදුවු  සිදු වන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

නමුත් මේ වන විට දඩු ලේනන් හා වදුරන් සිදු කරන හානිය විශල කරදරයක් වී තිබෙන්නේ එක දඩු ලේනෙක්  පොල් ගසකට නැග ගත්තෝත් එම ගහේ තිබෙන මල් සියල්ලම සපා දමා විනාශ කර කුරුම්බැට්ටේ සිට මොරපු පොල් ගෙඩිය දක්වා කා දමන බැවිනි.


 එසේම මේ පිළිබදව අදහස් දැක්වමින් එක්වු තවත් පොල් වගා කරුවකු වන ටයිටස් නිමල් ප්ර්නාන්දු මහතා දැක්වුයේ මෙවැන්නකී.

( “  පොල් වගාවට කාලයෙන් කාලයට විවිධ කරදර එනවා .

 පසුගිය 2012 නියගයෙන් විශාල හානියක් වුනා .එයින් පසුව නැවත 2015 ,2016 නියග වලින්ද සැහෙන හානියක් සිදුවුනා . ඒ සියල්ල අතරේ අපි පොල් වගාව බේර ගන්න විශාල මහන්සියක් ගන්නවා නමුත් එසේ තිබියදි තමයි මේ වදුරන් සහ දඩු ලේනන් ගේ කරදරය ඇවිත් තිබේන්නේ මෙය පුදුම හිසරදයක් . 

ඒ  සත්තු පන්න ගන්න කිසිම විදිහක් නැහැ. රතිඤඤා දැම්මාම පොඩ්ඩක් හැංගිලා ඉදලා අයේ කන්න ගන්නවා .

මේ නිසා අඩුම තරමින් පොල් ගෙඩි ලක්ෂයකට වැඩි ප්‍රමානයක් දිස්ත්‍රික්කයේ මේ සතුන් විනාශ කරන බවට තමයි අපිට ආරංචි තිබේන්නේ  යැයි ඔහු පැවසිය. " )


 වන සතුන්ගෙන් සිදුවන හානියට කුමක් කරන්න දැයි පුත්තලම දිස්ත්‍රික් වන ජීවි සහකාර අධ්‍යක්ෂක  චන්ද්‍රරත්න මහතාගෙන් කළ විමසිමේදි ඔහු පවසා සිටියේ, 

(“ අපිට මේ ප්‍රශ්ණයේදි මැදිහත් වෙන්න පුළුවන් කමක් නැහැ .මොකද මෙය පොල් සංවර්ධන මංඩලයට අයිති කටයුත්තක් .

අපිට දඩු ලේනා විතරක් නොවේයි අනිත් සතුන් වත් විනාශ කරන්න අයිතියක් නැහැ. 

නමුත් අපිටත් දැනෙනවා ජනතාව ට වන සතුන්ගෙන් සිදු වන හානි යැයි ඔහු පවසයි. ")

මේ පිළිබදව පොල් සංවර්ධන මංඩලයේ පුත්තලම දිස්ත්‍රික් කළමණාකාර ඉන්දික සෙනවිරත්න මහතා අදහස් දක්වමින් පවසා සිටියේ . 
 
(“පොල් වගාවට දඩු ලේනන් ගෙන් සහ අනිත් සතුන්ගෙන් හානි වෙන බව ඇත්ත . නමුත් ඔය කියන ආකාරයට වසරට ගෙඩි ලක්ෂයක් විනාශ වෙනවා කියන එක අපිට පිළිගන්න බැහැ මොකද එසේ වෙනවා නම් පොල් ආදායම බරපතල ලෙස අඩු වෙනන් ඕනා .

මේ වන සතුන්ගෙන් වන හානි වලක්වන්න අපි මේ වන විට වායු රයිෆල් හදුන්වා දි තිබේනවා.'')

ඒ හරහා මේ වන සතුන් පාලනය කරවන්න පුළුවන්  යැයි ඔහු පැවසිය.