හලාවත මහ රෝහලේ දී බිළිදුන් මිය ගියේ ඇයි?
November 6, 2018 04:53 pm
උපතේදී සිදුවූ ළදරු මරණ තුනක් හා මාතෘ මරණයක් වාර්තා විමත් සමඟ හලාවත මහා රෝහලේ ගැටළු කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
මේ මරණ දින දහයක් තුළ වාර්තා වීම මිට ප්‍රධාන හේතුව වී තිබේ.
මේ තත්ත්වය හේතුවෙන් හලාවත මහා රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබන රෝගීන්ද බියට පත්ව ඇත.
ළදරුවන් තිදෙනෙකු හා මවක් දරු ප්‍රසුතියේදී මිය යාම අසාමාන්‍ය තත්ත්වයක් බව තමන් පිළිගන්නා බව මේ පිළිබඳ කල විමසීමේදී හලාවත මහා රෝහලේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය එල්.පොද්දල්ගොඩ මහතා පැවසිය.
වෛද්‍ය පොද්දල්ගොඩ මහතා හලාවත මහ රෝහලේ වැඩබලන අධ්යක්ෂවරයා ලෙස පත්ව ගතව ඇත්තේ මාසයක පමණ කාලයක සිටය.
පළමු සිදුවීම වී ඇත්තේ පසුගිය මස 28 වන දිනයි. එහිදී මියගොස් ඇත්තේ රසිකා ජිවනි නමැති තිස්පස් හැවිරිදි මවකි.
මේ සමඟ ඇයට ලැබුණු බිළිදියද මියගොස් ඇත.
දෙවන සිදුවීම පසුගිය (04) වැනි දින සිදුව තිබේ. මින් මියගොස් ඇත්තේ පහල අත්තන්ගනේ ,නල්ලදරන්කට්ටුව පදිංචිකාරියක් වූ ටානියා කල්හාරි නැමති 21 හැවිරිදි තරුණියට ලැබුණි බිළිදියයි.
තෙවන සිදුවීම ඊයේ (05) පස්වරුවේ සිදුව තිබේ. මින් මියගොස් ඇත්තේ උඩප්පුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වූ පෙරියන්ඩි වදනි නැමති 30 හැවිරිදි තැනැත්තියට ලැබුණු දියණියයි.
තම බිරිඳ හා දරුවා ඉතා නිරෝගිව සිටි බව මේ පිළිබඳව කල විමසිමේදී දරු ප්‍රසුතියේදී මියගිය මවගේ සැමියා වන අරුණ ප්‍රියංග මහතා පැවසිය.
වැඩි දුරටත් අදහස් දැක්වු අරුණ ප්‍රියංග මහතා මෙසේ පැවසීය.
" මුල ඉදලම දොස්තරලා චැනල් කරලා පෙන්නුවා . කිසිම ලෙඩක් නැහැ කිව්වා .දෙවැනි දරුවා තමයි ලැබෙන්න හිටියේ .පසුගිය 24 වැනිදා රෝහලට ඇතුලත් කළා.
මගේ බිරිඳ ටිකට් එකේ ලියලා අත්සන් කළා සීසර් කරලා ලමයව ගන්න කියලා .මමත් කිව්වා .නමුත් සැලකුවේ නැහැ . මේ ගැන අපි ඉහල පරිපාලනයටත් කිව්වා.
නමුත් වැඩක් වුනේ නැහැ. අන්තිමට සාමාන්‍ය පරිදි ළමයා ලැබුනා කියල ඒ අය කියනවා නමුත් දෙන්නම මැරුණා. දැන් ටිකට් එකේ තියනවලු බිරිඳ සීසර් එකට අකමැතියි කියල අත්සන් කළා කියල.
මම ඉල්ලනේ අත් අකුරු පරීක්ෂණයක් කරන්න කියලයි. “
ඒ වගේම මේ පිළිබඳ ටානියා කල්හාරි මහත්මියට ලැබුණු බිළිඳිය මිය යාමට හේතුව ලෙස මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ මවගේ දියවැඩියා රෝගය උත්සන්න වීම හා සංකුල්තාවයයි.
තමනට එවැනි දියවැඩියා රෝගී තත්වයක් නොතිබූ බව ටානියා කල්හාරි මහත්මිය පැවසූ අතර ඇගේ මව කියා සිටියේ මේ මරණයට හලාවත රෝහලේ කාර්ය මණ්ඩලය වගකිව යුතු බවයි.
කෙසේ වෙතත් දෙමාපියන්ගේ ඉල්ලීම පරිදි අද (06) දහවල් පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපවත්වා මේ බිළිඳා හලාවත පොදු සුසාන භූමියේදී මිහිදන් කැරිණි.
මෙලෙස සිදුකිරීම සඳහා ඇති හැකියාව පිළිබදවද සොයා බැලීම බලධාරීන්ගේ වගකීමකි. එයට ප්‍රධාන හේතුව වන්නේ හලාවත මහා රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂකවරයා විසින් තම රෝහලේ සිදුවූ මාතෘ හා ළමා මරණවල අසාමාන්‍ය තත්ත්වයක් තිබෙන බව මේ වන විට පිළිගෙන තිබීමයි.
මිට අමතරව හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂකවරයා පැවසුවේ විෂබීජ පැතිර යාමක් සිදුව ඇත්දැයි සොයා බැලීම සඳහා අදාල අංශ දැනුවත් කර ඇති බවයි.
මේ පිළිබඳව වාර්තා කිරීම සඳහා හලාවත රෝහලට ගිය අවස්ථාවේ වැඩ බලන රෝහල් අධ්‍යක්ෂකවරයා රෝහලට ඇතුල් වී තොරතුරු ලබා ගැනීමට හා ඡායාරූප ගැනීමට අවසර ලබා දුන්නත්, අදාල වාට්ටු භාර නිලධාරීන් මේ සඳහා අවසර ලබා නොදීම තුළද සත්‍ය තොරතුරු වසන් කිරීමේ ප්රයත්නයක මේ පිරිස සිටින බවට සැක පහල වෙයි.
හලාවත රෝහල මියගිය මවගේ වෛද්‍ය වාර්තා පහතින් දැක්වෙයි.