උතුරේ එක්වුණු ආලෝකය

November 6, 2018   01:31 pm

දීපවාලි දින උත්සවය වවුනියාව හින්දු ජනතාව හා වවුනියාව යුද හමුදා නිලධාරීන් සමඟ එක්ව වවුනියාව කන්දසාමි කෝවිලේ අද (06) පැවැත්විණ.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා  මහතාගේ හා වවුනියාව දිස්ත්‍රික් ලේකම් අයි.එම්.හනීෆා මහතාගේ ප්‍රධානත්වයෙන් සංහිදියා දීපවාලි දින සැමරුම් වැඩසටහන පැවැත්වූහ.

වන්නි යුධ හමුදා නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ සිවිල් ජනතාවගේ සහභාගීත්වයෙන් යුතුව දීපවාලි දින සැමරුම පැවැත්විණ.

දීපවාලි දින සැමරුම් පූජාවන් වෙනුවෙන් එක්වු සිවිල් වැසියන් වෙත යුධ හමුදා නිලධාරීන් විසින් ආහාර පාන ලබාදි සංග්‍රහ කිරීමද සිදුකළහ.

(ඡායාරූප-මාධව කුලසූරිය)