ජාත්‍යන්තරයට යුද අපරාධකරුවන් වු අපේ දෙවිවරු

November 6, 2018   10:00 am

අයහපත් කාලගුණය ‍හේතුවෙන් කඩාගෙන ගිය වැව් බැම්මක් යුද හමුදා නිලධාරින් විසින් සකස් කර ඇත.

වවුනියාව ප්‍රදේශයට පවතින අධික වැසි තත්ත්වයත් සමඟ වෛරවමුණ්ඩිමුරුප්පුව වැවේ වැව් බැම්ම කඩාගෙන ගොස් ඇති අතර එය  සකස් කිරීම වන්නි ආරක්ෂක සේනා 61 සේනාංකයේ නිළධාරීන් විසින් ඊයේ (05) සවස සිදු කර තිබේ.

ප්‍රදේශයට පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් වැව පිරී වැව් බැම්ම කඩාගෙන යන බව ප්‍රදේශවාසීන් යුධ හමුදා නිළධාරීන් වෙත දන්වීමත් සමඟ වහා ක්‍රයාත්මක වු  61 සේනාංකයේ යුධ හමුදා නිළධාරීන් වැව් බැම්ම ආරක්ෂා කිරීමට වැලි කොට්ට යොදා ජලය ගලා යාම නවතා දමා ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

ප්‍රදේශවාසීන් පැවසූවේ යුධ හමුදා නිළධාරීන් පැමිණ වැව් බැම්ම ආරක්ෂා කොට නොදුන්නේ නම් වැවේ ජලය සම්පූර්ණයෙන්ම ඉවත්වන යන බවයි.

වැව් බැම්ම සකස් කිරීමට සහයෝගය දුන් යුධ හමුදා නිළධාරීන් ‍හේතුවෙන් තමන්ගේ වගාවන්ට ජලය ලබා ගැනීමට හැකියාව ලැබෙන බවද ප්‍රදේශවාසීන් පැවසා ඇත.

වවුනියාව දිස්ත්‍රික් ලේකම් අයි.එම්.හනිෆා මහතාද කැඩිගිය වැව නිරීක්ෂණයට එක්වු අතර එහිදි ඔහු හදිසි තත්වයකදී ජනතාව වෙත සහයෝගය පළ කළ යුධ හමුදා නිළධාරීන් වෙත සිය ස්තූතියද පිරිනා තිබේ.

වන්නි ආරක්ෂක‍ සේනා ආඥාපතිවරයාගේ උපදෙස් මත 61 සේනාංකයේ සේනාධිපති බ්‍රිගේඩියර් ජයම්පති තිලකරත්න මහතාගේ මෙහෙයවීම යටතේ 61 සේනාංකයේ යුධ හමුදා නිළධාරීන් වැව් බැම්ම සකස් කිරීම සිදු කළහ.

(ඡායාරූප-මාධව කුලසූරිය)