ජනපති අතින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයිට සම්මාන

ජනපති අතින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයිට සම්මාන

October 18, 2018   08:56 pm

‍ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථී විශිෂ්ඨයින් ඇගයෙන “ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප 2018 සම්මාන උළෙල” ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

තෙවන වරටත් පවත්වන ලද මෙම සම්මාන උළෙල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

සම්මාන උළෙලේදී සාහිත්‍ය, කලා හා සන්නිවේදනය යන ක්ෂේත්‍ර වලින් විශ්ෂ්ඨතා දැක්වූවන් ඇගයීමට ලක්ව තිබේ.

ඒ අනුව මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර නාහිමි ඇතුළු ගිහි පැවිදි ආදි විද්‍යාර්ථීන් 40 දෙනෙකු එහිදී ජනාධිපතිවරයා අතින් ගෞරව සම්මාන හිමිකරගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.