තවත් නීති විරෝධි දුම්වැටි තොගයක් රේගු බාරයට

තවත් නීති විරෝධි දුම්වැටි තොගයක් රේගු බාරයට

October 18, 2018   08:31 pm

විශාල පෙට්ටි දෙකක් තුළ සගවා නීතිවිරෝධී ලෙස ඩුබායි සිට ශ්‍රී ලංකාවට එවා තිබූ දුම්වැටි තොගයක් අද (18) වත්තල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබු ගමන් බඩු ගබඩාවක තිබී රේගු නිලධාරීවරයෙකු විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

මෙම ගබඩාව තුළ වසරක පමණ කාළයක් රැගෙන ගොස් නොතිබුණු මෙම විශාල පෙට්ටි දෙක පිළිබඳව අවධානය යොමු කළ රේගු නිලධාරීවරයා , එය විවෘත කර  පරීක්ෂා කිරිමේ ඒ තුළ තිබූ ව්‍යාජ පතුල් වල මෙම දුම්වැටි තොගය සගවා තිබී අත් අඩංගුවට ගෙන තිබුණි .

මෙහි විදේශීය නිෂ්පාදිත දුම්වැටි 55,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 622 ක් තිබූ අතර , ඒවායේ ශ්‍රී ලංකා රුපියල් වටිනාකම 66,20,000 ක් බව රේගුව පවසයි .

මෙම පෙට්ටි එවා තිබූ ලිපිනය ව්‍යාජ එකක් බවත් , මේ වනතුරුත් මෙම පෙට්ටි සදහා කිසිදු අයිතිකරුවෙකු ඉදිරිපත් නොවූ බවත් රේගුව වැඩිදුරටත් පවසයි .

මෙම අත් අඩංගුවට ගැනීම නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ තිස්ස ප්‍රියන්ත ද සිල්වා මහතා විසින් සිදු කර තිබූ අතර, ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ස්ටැන්ලි සේනාරත්න මහතාගේ උපදෙස් මත , රේගු අධ්‍යක්ෂ ටී.රවීන්ද්‍ර රාජා මහතා විසින් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී.