රජයේ නිලධාරීන් නටපු නැටුම දුරදිග යයි

රජයේ නිලධාරීන් නටපු නැටුම දුරදිග යයි

October 18, 2018   07:26 pm

ඛණිජ තෙල් නීතීගත සංස්ථාවේ කුරුණෑගල පළාත් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කාර්යාලීය වේලාව අතරතුර ගී ගයමින් නර්තනයේ යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන කිහිපයක් අද දෙරණ වෙත ලැබී තිබේ.

මේ සම්බන්ධයෙන් අප ඛණිජ තෙල් නීතීගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතාගෙන් විමසු විට ඔහු පැවසුවේ අදාළ පළාත් කාර්යාලය භාරව සිටි නිලධාරියාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට මේ වන විට පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම එම අවස්ථාවේ කාර්යාලයේ සිටි අනෙක් නිලධාරීන් සම්බන්ධයෙන්ද මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.