නාලක CIDයෙන් පිටව යයි

නාලක CIDයෙන් පිටව යයි

October 18, 2018   06:58 pm

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ත්‍රස්ථ විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ඉන් පිටත්ව ගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

අද(18) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි නාලක ද සිල්වා මහතාගෙන් පැය 9 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගනු ලැබීය.

ජනාධිපතිවරයා සහ හිටපු ආරකෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පැමිණෙන ලෙසට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නාලක ද සිල්වා මහතාට පසුගියදා දැනුම්දීමක් සිදුකර තිබුණි.