පුංචි ආණ්ඩුවේ කලබල

පුංචි ආණ්ඩුවේ කලබල

October 18, 2018   06:26 pm

ඉමදුව ප්‍රාදේශීය සභාවේ  සභා ගර්භය තුළදී සිදු වු පහර දීමක් හේතුවෙන්  එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ.ජී. අරුණ මහතා  අද (18) රෝහල් ගත කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි. 

ඉමදුව ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම එහි සභාපති ඒ.වී.සරත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විය.

සභාව ආරම්භ වී සුළු වෙලාවකින් එක්සත් ජාතික පෙරමුණේ ඉමදුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ.ජී. අරුණ මහතා සභාපතිවරයාගේ අනුරුව සහිත පඹයෙකු සමඟින් සභාවට පැමිණි අතර එයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විරෝධය දක්වන්නට විය. 

මෙහි දී සභාපතිවරයා සභාව විනාඩි 10 කට කල් තැබු අතර ඒ සමඟින් ඇතිවුයේ උණුසුම් තත්ත්වයකි. 

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අරුණ මන්ත්‍රීවරයාට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් ඔහුව සභාවෙන් ඉවත් කිරීමට කටයුතු කළ අතර එහි දී ඇති වුයේ උණුසුම් තත්ත්වයකි. 

පසුව නැවත සභාව ආරම්භ වු අතර එහි දී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කියා සිටියේ මෙම මන්ත්‍රීවරයා සෑම දිනම සභාවට නොගැලපෙන දෙයක් සිදුකර සභාව අපකීර්තියට පත් කරන බවයි.

1990 ගිලන් රථ සේවය මඟින් ඉමදුව රෝහලට ඇතුළත් කර අරුණ මන්ත්‍රීවරයා වැඩිදුර ප්‍රතිකාර සදහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කරන ලදී.