පාර්ලිමේන්තුවේ ආහාර සැපයිම ගැන අධීක්ෂණයට උපදෙස්
October 18, 2018 05:50 pm
පාර්ලිමේන්තුවේ ආහාර සැපයිමේ ක්‍රියාවලිය පූර්ණ අධීක්ෂණයට ලක් කිරීමට කථානායක කරූ ජයසූරිය මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
පාර්ලිමේන්තුවේ ආහාර පාන පිළිබඳව ජනාධිපතිවරයා පසුගියදා සිදුකරන ලද ප්‍රකාශයක් සැලකිල්ලට ගනිමින් කථානායකවරයා මෙම උපදෙස් ලබාදී ඇති බව සඳහන්ය.
පසුගිය දා කොළඹ පැවති උත්සවයදී ආහාර නාස්තිය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ මෙරට ආහාර වැඩි වශයෙන් විනාශ වන ස්ථානය පාර්ලිමේන්තුව බවයි.
මේ පිළිබඳ අවධානය යොමු කර ඇති කථානායක කරු ජයසූරිය මහතා ඒ පිළිබඳ පූර්ණ අධීක්ෂණයක් සිදුකරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව කතානායක කාර්යාලය සඳහන් කළේය.
පාර්ලිමේන්තුව තුළ ආහාර පාන සැපයීමේදී උපරිම අරපිරිමැස්මෙන් යුතුව කටයුතු කිරීම පිළිබඳව කරූ ජයසූරිය මහතා කථානායක ධුරයට පත්වූ විගසම අවධානය යොමු කර අවශ්‍ය පියවර ගෙන ඇති අතර ඒ හේතුවෙන් මේ වන විට පැවති වියදම් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීමට හැකියාව ලැබී ඇති බව ද එම කාර්යාලය පෙන්වාදෙයි.