වසර 28කට පසු ලැබුණ හිමිකම
October 18, 2018 05:17 pm
මන්නාරම, යුධ හමුදාව යටතේ පැවති සිවිල් ජනතාවගේ ඉඩම් අක්කර පහක් වසර 28 කට පසුව මුල් අයිතිකරුවන් වෙත පැවරීමේ වැඩසටහනක් පැවති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
මන්නාරම, තිරුකේදීශ්වරන් මාන්තෙයි ප්රදේශයේ ආරක්ෂක අංශ සතු පැවති ඉඩම් අක්කර පහක් එලෙස යුධ හමුදා නිලධාරීන් විසින් සිවිල් ජනතාව වෙත පැවරීම වෙනුවෙන් මන්නාරම ප්රාදේශීය ලේකම් එස්.කනගාම්බිකෙයි මහත්මිය වෙත පැවරීම එහිදි සිදුකරනු ලැබීය.
යුධ ගැටුම් හේතුවෙන් 1990 වසරේ අදාළ ඉඩම් සිවිල් ජනතාව හැරගොස් තිබු අතර,අනතුරුව ආරක්ෂක අංශ විසින් අදාළ ඉඩම් සිය ආරක්ෂක අංශ කඳවුරු සීමාව වෙත පවරාගෙන තිබිණ.
පවුල් 15 කට අයත් ඉඩම් එලෙස සිවිල් වැසියන් වෙනුවෙන් පැවරීම සිදුකිරීමට නියමිත බව මන්නාරම ප්රාදේශීය ලේකම් කාර්යාල ඉඩම් නිළධාරි කේ.වසන්තන් මහතා පැවසීය.
වසර 28 කට පසුව ආරක්ෂක අංශ සතුව පැවති ඉඩම් එලෙස සිවිල් ජනතාව වෙත පවරාදීම නිදහස් කොට තිබිණ.
යුධ ගැටුම් පැවති සමයේ මන්නාරම මුල්ලිකුලම හා සිලාවතුර ප්රදේශයන්ගේ ඉඩම් රැසක්ද ආරක්ෂක අංශ පවරාගෙන තිබු අතර, පසුගිය සමයේ අදාළ ඉඩම්වලින් කොටසක් සිවිල් වැසියන් වෙනුවෙන් පැවරීම සිදුකරනු ලැබීය.