බන්ධනාගාරය තුළ දී ජොන්ස්ටන්ගේ නිලධාරීන් නිරුවත් වුණ හැටි

බන්ධනාගාරය තුළ දී ජොන්ස්ටන්ගේ නිලධාරීන් නිරුවත් වුණ හැටි

October 18, 2018   04:53 pm

තමා බන්ධනාගාර ගතව සිටින කාලය තුළ දී තමා සමඟ සිටි අනෙක් නිලධාරීන් දෙදෙනාව බන්ධනාගරයේ සිටින සියලුම සිරකරුවන් ඉදිරියේ නිරුවත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අද(18) කොළඔ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේය.

බන්ධනාගරය තුළ සිටින කාලය තුළ දී විවිධ කරදර සඳහා මුහුණ දීමට සිදුවූ බව මන්ත්‍රීවරයා සඳහන් කරන අතර එය ආණ්ඩුවේ අවශ්‍යතාවය මත සිදුවූ බව පෙන්වා දෙයි. 

අධිකරණ ඇමතිනි තලතා අතුකෝරාල මැතිනිය විසින් කොළඹින් එවන ලද පිරික් විසින් මෙය සිදු කළ බව ඔහු ප්‍රකාශ කළේය.

නිරුවත් කළ නිලධාරීන් අතර 2006 වසරේ සිට සතොස ආයතනයේ සේවය කළ හිටපු සභාපතිවරයා සහ මන්ත්‍රීවරයාගේ ලේකම්වරයෙක්ද සිටි බවත් ඔවුන්ගේ මානව හිමිකම් පවා උල්ලන්ඝනය කරමින් සිරකරුවන් ඉදිරියේ  ඔවුන් දෙදෙනා නිරුවත් කළ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.