භූතාන මහමැතිවරණය අද
සයුරෙන් එතෙර

භූතාන මහමැතිවරණය අද

October 18, 2018   04:11 pm

භූතාන මහමැතිවරණය අද(18) දින පැවැත්වේ.

ඉදිරි පස් වසරක කාලයක් රටේ පාලනය මෙහෙයවීම සඳහා එරට ජාතික සභාවට  සාමාජිකයින් 47 දෙනෙකු පත් කරගැනීම වෙනුවෙන් මෙම මැතිවරණය පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. 

ඡන්ද දායකයින් 4,38,663 දෙනෙකු මෙවර මැතිවරණය සඳහා ලියාපදිංචි වී ඇති බව සඳහන් වන අතර ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස පිළිගැනීමෙන් අනතුරුව 2008 වර්ෂයෙන් පසු භූතානයේ පැවැත්වෙන ප්‍රධාන පෙළේ තෙවන මැතිවරණය මෙයයි.