අද තියෙන තත්ත්වය ගැන මම කියන්න යන්නේ නෑ
October 18, 2018 03:46 pm
ආණ්ඩුව තුළ ඇති බල අර්බුදය හේතුවෙන් වන්දි ගෙවිමට සිදුව ඇත්තේ රටේ මහජනතාවට බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ(17) පස්වරුවේ කොළඹ පැවති උත්සවයකට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේබව සඳහන් කළේය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ඉංජිනේරු පෙරමුණ විසින් සංවිධාන කළ වෘත්තීයවේදීන්ගේ හමුවක් ඊයේ පස්වරුවේ කොළඹදී පැවැත්වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙනි.
අද ආණ්ඩුවක් හෝ රටක් පවතිනවා ද යන්න අපටම ප්රශ්නයක් බව ද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය.
රටේ කිසිදු සංවර්ධන සැලැස්මක් හෝ පාලන සැලැස්මක් නොමැතිව කටයුතු කිරීමෙන් මෙම තත්ත්වය උදා වී ඇති බව ඒ මහතා වැඩි දුරටත් ප්රකාශ කළේය.
අගමැති පවසන දේ ජනාධිපතිවරයා නොදන්නා බවත් එවැනි තත්ත්වයක් තුළ රට සංවර්ධනය කරන්නේ කෙසේද ගැටළුවක් වී ඇතැයි.