රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට-5කට තුවාල

රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට-5කට තුවාල

October 18, 2018   02:53 pm

වව්නියාව පුලියන්කුලම ප්‍රදේශයේදී අද(18) උදෑසන සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව පුලියන්කුලම පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ ගොයම් කපන යන්ත්‍රයක් පටවාගත් ට්‍රැක්ටර රථයක ලොරි රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් ලොරි රථයේ ගමන්ගත් හා ට්‍රැක්ටර රථයේ ගමන්ගත් පුද්ගලයින් තුවාල ලබා ඇති අතර, ලොරි රථයේ ගමන්ගත් මරියදාස් මෝහනදාස් නමැති පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

තුවාල ලැබූවන් වව්නියාව රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලීසිය පැවසීය.

පොලීසිය පැවසූවේ ගොයම් කපන යන්ත්‍රය පටවාගත් ට්‍රැක්ටර රථය නවත්වා තිබියදී ලොරි රථය පසුපසින් පැමිණ ට්‍රැක්ටර රථයේ ගැටී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුලියන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.