අගමැති ඉන්දියාවට යයි
October 18, 2018 02:32 pm
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෙදින නිළ සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් තබේ.
පස්වරු 2යි 15ට පමණ අග්‍රාමාත්‍යවරයා සහ දූත පිරිස ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බවයි අද දෙරණ ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේය.
මෙම සංචාරය සඳහා මලික් සමරවික්‍රම, අර්ජුණ රණතුංග යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටින බව සඳහන්ය.
අග්‍රාමාත්‍යවරයා සිය සංචාරය තුළදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග ඉහළ පෙලේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
ඊට අමතරව ඉන්දීය රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් සමග සාකච්ඡා පැවැත්වීමට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සැළසුම් කර ඇති බව සඳහන්ය.