බදුල්ලේ කුණු වැඩ නවතී

බදුල්ලේ කුණු වැඩ නවතී

October 18, 2018   02:06 pm

බදුල්ල මහ නගර සභාවේ නාගරික අංගනයේ සියලුම සේවකයින් අද(18) සිය සේවාවලින් ඉවත් වී විරෝධතාවක නිරතවුණි.

ඒ බදුල්ල නගරයේ ව්‍යාපාරිකයෙකු විසින් බදුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ සේවිකාවකට බැණ වැදී තවත් සේවකයෙකුට පහරදීමේ සිද්ධියකට එරෙහිවයි.

විරෝධතා කරුවන් පවසන්නේ බදුල්ල නගරයේ කැළි කසල ඉවත් කරමින් සිටි බදුල්ල මහ නගර සභාවේ  සෞඛ්‍ය අංශයේ සේවිකාවකට ව්‍යාපාරිකයෙකු විසින් බැණ වැදී ඇති බවයි.

එම සේවිකාව ඒ පිළිබඳව අනෙකුත් සේවක පිරිස දැනුවත් කර ඇති අතර ඒ පිළිබඳ විමසීමට ගිය සේවකයෙකු හට අදාළ ව්‍යාපාරිකයා විසින් පහර දී තිබේ.

පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර පහරදීම සිදුකළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියාකර නොමැති බව පවසමින් මොවුන් මෙලෙස විරෝධතාවයේ නිරතවිය.

විරෝධතාකරුවන් පවසන්නේ අදාළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නේ නම් නැවත සේවයට වාර්ථා කරන බවයි.