පුද්ගල ඝාතනයනට අනුබල දුන් 2ක් මාට්ටු
October 18, 2018 12:39 pm
පුද්ගල ඝාතනයක් සිදුකිරීමට ආධාර අනුබල දීම හා ඝාතනය කුමන්ත්රණය කිරීම සම්බන්ධයෙන් සැකපිට සැකකරුවන් දෙදෙනෙක් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අද(18) අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් අත්අඩංගුවට පත්වූයේ රන්න විගමුව ප්රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙක් හා වීරකැටිය හීන්ආර ප්රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙකි.
තංගල්ල නෙටොල්පිටිය වැලිආර ප්රදේශයේදී පසුගිය මස 23 දින වාහන සේදුම් ස්ථානයකදී එම සේවා ස්ථානයේ හිමිකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ අද අළුයම 4.0ට පමණ වීරකැටිය හීන්ආර ප්රදේශයේ නිවසක සැඟව සිටියදීය.