මහවැවේ බැම්ම කැඩීයාමේ අවදානමක්
October 18, 2018 12:35 pm
පැවති අධික වර්ෂාවත් සමඟ මිහින්තලය කටුපොත, මහවැව ජලයෙන් පිරීයාම හේතුවෙන් එහි වැව් බැම්ම කැඩී යාමේ අවදානමක් මතුව තිබේ.
වැවේ සොරොව්වට නුදුරින් වැව් බැම්මේ අඩි 100කට ආසන්න කොටසක් ගිලා බැසීමට ලක්වෙමින් පැවතීම හේතුවෙන් මෙම අවදානම් තත්ත්වය මතුව ඇති බව වාර්තා වෙයි.
කුඹුරු අක්කර 300කට ආසන්න ප්රමාණයක් මෙම වැව යටතේ වගා කෙරෙන අතර වැව් බැම්ම කැඩී ගියහොත් විශාල හානියක් සිදුවන බව ප්රදේශවාසීන් පෙන්වාදෙයි.
2012 වසරේදී කටුපොත මහවැව ප්රතිසංස්කරණය කෙරුණද එම කටයුතු නිසි ආකාරයෙන් සිදු නොකිරීම මීට හේතු වී ඇති බව ඔවුන් පෙන්වාදෙයි.