වැඩ කරන ජනතාවගේ මුදල් කොටස් වෙළෙඳ පොලට යවන්න දෙන්න බෑ

වැඩ කරන ජනතාවගේ මුදල් කොටස් වෙළෙඳ පොලට යවන්න දෙන්න බෑ

October 18, 2018   11:21 am

පාලකයන්ගේ උවමනා එපාකම් අනුව සේවක අර්ථ සාධක අරමුදල හැසිරවීමට  ඉඩ ලබාදිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි ලාල් කාන්ත මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

කුමන ආණ්ඩුවක වුව ද පාලකයන් අර්ථ සාධක අරමුදල තමන්ගේ බව නොසිතිය යුතු අතර, අරමුදලේ මුදල් වැඩ කරන පන්තියේ එකඟතාවය මත පමණක් යම් යම් ආයෝජන සඳහා යෙදවිය යුතු බවත් ලාල් කාන්ත මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

රනිල් වික්‍රමසිහ මහතා සෑම විටම ඩොලර් නොමැති ගැටළුව හුවා දැක්වීමට උත්සාහ කරන බවත් රජයේ පවතින බංකොලොත්භාවය හේතුවෙන් වැඩකරන ජනතාවගේ අර්ථ සාධක අරමුදල කොටස් වෙළදපොළට යෙදවීමට රජය සුදානමින් සිටන බවත් ඒ මහතා සඳහන් කළේය.

අපේ රටේ කොටස් වෙළදපොල පවතින තත්ත්වය අනුව කිසිසේත් එම මුදල් ඒ සඳහා යෙදවිමට ඉඩ දිය නොහැකි බව ප්‍රකාශ කර සිටි ලාල්කාන්ත මහතා, මෙය එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ ගැටළුවක් නොවන බවත් මෙය පොදු ගැටළුවක් බවත් කියා සිටියේය.