සෙනසුරාදා-ඉරිදා කුඩයක් අරන් යන්න

සෙනසුරාදා-ඉරිදා කුඩයක් අරන් යන්න

October 18, 2018   11:04 am

එලඹෙන සෙනසුරාදා(20) සහ ඉරිදා(21) දිනයන් හිදී දිවයිනේ  බොහෝ ප්‍රදේශවල ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද(18) දිනයේ දී ද සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති වීමේ වර්ධනයක් පවතින බවත්, විශේෂයෙන් සවස 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

උතුරු,බස්නාහිර, වයඹ සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදෑසන කාලයේ දීත් වැසි හෝ ගිඟුරුම් වැසි ඇති විය හැකියි.

මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකියි.

අකුණු මඟින් ඇති විය හැකි අනතුරු අවම කර ගන්න පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.