තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි
October 18, 2018 10:13 am
බලපිටිය-මිගෙට්ටුවත්ත ප්රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධකින් පහර දී ඝාතනය කර ඇති බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.
ඊයේ(17) රාත්රී 9.00 පමණ මිගෙට්ටුවත්ත වැඩිහිටි නිවාසය අසල දී මෙම පහර දීම සිදුව ඇති අතර පහර දීමෙන් තුවාල ලැබු පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
අම්බලන්ගොඩ පොලීසිය පවසන ආකාරයට පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ බලපිටිය, සිරිසේන මාවතේ පදිංචි දම්ත් කුමාර ද සොයියසා නැමති 29 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.
මිය ගිය පුද්ගලයා මෘත ශරීරය බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මූලික මහේස්ත්රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද(18) සිදු කිරීමට නියමිතයි.
ඝාතනය සිදුකල සැකකරු මේ වන විට හදුනා ගෙන ඇති අතර එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
(ඡායාරූප-දීපාල් ද සිල්වා)