දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට

දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට

October 18, 2018   10:11 am

බොරැල්ල, ෆෙයාර්ෆීල්ඩ් ගාඩ්න් ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඊයේ(17) රාත්‍රී 8ට පමණ දුම්රිය මාර්ගයක ගමන්කරමින් සිටි පුද්ගලයෙකු මෙලෙස දුම්රියේ ගැටී ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව සඳහන් වෙයි.

මියගොස් ඇත්තේ බොරැල්ල, තට්ටු නිවාස ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි පුද්ගලයෙක් බව අනාවරණය වී තිබේ.

මෘත ශරීරිය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(18) සිදුකිරීමට නියමිතයි.