පුත්තලමේ ආබාධිතයින් 5082ක්

පුත්තලමේ ආබාධිතයින් 5082ක්

October 18, 2018   09:48 am

විවිධ හේතු නිසා මේ  වන විට ආබාධිත තත්ත්වයට පත්වු 5082 ක පිරිසක් පුත්තලම දිස්ත්‍රික්කයේ වාසය කරන බව සමාජ සේවා දෙපාර්තුමේන්තුවේ  පුත්තලම දිස්ත්‍රික්ක සමාජ සේවා අංශය අනාවරණය කරයි.

මේ පිරිස  අතර ශ්‍රවණ, කථන, මානසික සහ චලනාබාධිත, බහුවිධ, යන ආබාධයන්ට ලක්වු පිරිස් බව කියයි.

ආබාධිතයින් 784 ක් ද බව තහවුරු වි ඇති බව දිස්ත්‍රික් සමාජ සේවා අංශය පවසයි.

දිසත්‍රික්කය පුරා ආබාධිත වු පිරිස් 5082 ක් සිටියද එයින්  රජයේ රුපියල් 3000 ක දීමනාවට හිමිකම් කියා ඇත්තේ 1284 ක පිරිසකි.

මෙම පිරිසට සෑම මසකම දිස්ත්‍රික්කය පුරා පිහිටි ප්‍රදේශීය ලේකම් කාර්යාල මඟින් අදාල 3000 ක දිමනාව ඔවුනගේ බැංකු වෙත ගිණුම් ගත කිරීමටද කටයුතු යොදා තිබේ.
 
එසේම එම පිරිස් මේ වන විට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ මට්ටමින් ගත් කල එය වෙන්නප්පු 87 ක් ද නාත්තන්ඩිය 101 ක් ද හලාවත 78 ක් ද ආරච්චිකට්ටුව 82 ක් පුත්තලම 79 ක් කල්පිටිය 81 ක් වනාතවිල්ලුව 77 ක් ආණමඩුව 78 ක් මහකුඹුක්කඩවල 76 ක් දංකොටුව 76 ක් මාදම්පේ 78 ක් පල්ලම 78 ක් මුන්දලම 78 ක් සහ මහවැව 87 ක් ලෙස ද කියයි. 

මෙම 1284 ක ආබාධිතයින් සඳහා මසකට රජය රුපියල් 3852000 ක මුදලක් වැය කරන බවද දිස්ත්‍රික් සමාජ සේවා අංශය පවසයි.

මේ වන විට  දිස්ත්‍රික්කයේ ආබාධිතයින් වෙනුවෙන් රාජ්‍ය  අංශයේ සහ රාජ්‍ය නොවන අංශ මැදිහත්ව විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මකව තිබේන ආකාරය දැක ගත හැකිය.

ආබාධිතයින් ලෙස මොවුන් ඉවත් නොකර මොවුන් වෙනුවෙන් ක්‍රීඩා , නර්ථන , සහ විවිධ ක්‍රියාකාරකම්වල යෙදිමට ද ඉඩ ප්‍රස්ථා ලබා දිමට පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච් .එම් . චිත්‍රානන්ද මහතා කටයුතු කර ඇති බව දිස්ත්‍රික් සමාජ සේවා නිළධාරි ජේ. එම්.ඒ.යු.ජයලත් මහතා පවසයි.