ටිපර් රථයකට යටවී කතක් මරුට

ටිපර් රථයකට යටවී කතක් මරුට

October 18, 2018   09:10 am

පාදුක්ක - ගොඩගම මාර්ගයේ මීගොඩ පුවක්වත්ත පැල්පොලවත්ත පාර අසලදී ටිපර් රථයකට යට වීමෙන් මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවක් එම ස්ථානයේදී මියගොස් ඇති බව මීගොඩ පොලීසිය පවසයි.

ඊයේ(17) සවස මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. 

මිය ගිය කාන්තාව අනතුර සිදු වූ ස්ථානය ආසන්නයේ වෙළඳ සැලක සිට ප‍්‍රධාන මාර්ගයට පිවිසෙන අවස්තාවේදී නවතා තිබූ ටිපර් රථයක් එක්වරම පන ගන්වා ඉදිරියට දාවනය කිරීම නිසා එම ටිපර් රථය ඉදිරියෙන් යමින් සිටි කාන්තාව එම ටිපර් රථයට යට වී මියගොස් ඇති බව වාර්තා වෙයි.

අනතුරින් මිය ගිය කාන්තාව පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණවී නොමැති අතර මෘත දේහය මේ වන විට දකුණු කොළඹ මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලීසිය පවසයි.

අනතුර සම්බන්දයෙන් ටිපර් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද(18) දින හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි

සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.